Saturday, February 22, 2020

රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)




අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 
සිදුවිය.
මෙම ඉවත්කරගැනීමේ දර්ශනය සමාජ මාධ්‍ය තුළ වීඩියෝවකින් දක්වා තිබුනේ මෙලෙසිනි.


Facebook වැඩකරු සජීවගේ ලගදිම ලීක් කරගන්න යන විඩියෝවගැන හෙලිවේයි - Sajeewa Dissanayake



සජීව දිසානායක කියන්නේ කවුද ? ගායකයේක් ?? එහෙමත් නැත්තන් Social Mediaවැඩ්ඩෙක් ද ?? ඔව් ඔහු ඒ දේකම් කරනවා. ඒවන් දක්ශතාවයක් මනුස්සයෙක්ට ලැබේන්නේ ඉතාමත් කලාතුරකින් .''දවසක් ඒවිද , ඉක්මන් වෙලා , ආයාචනා '' යන ගීත වල හිමිකාරිත්වය දරනඔහු මෑතකදී ජනතාව අතරට පැමිනෙන්නේ ගායකයෙක් විදිහටනම් නෙවේයි. ඒ අපි කවුරුත් දන්න YouTuber කෙනෙක් වන රැට්ටා ට වූ අකරතැබ්බයකට උදව් කිරිමත් සමගයී. ඒ සමගම රැට්ටාගෙ Fan Base එක සහා ඒ වෙනකොටත් සජීව ගැන නොදැන සිටි අය පවා සජීව ගැන දැනගත්තා. ඒ විතරක් නෙවෙයි , කට්ටියගේ YouTube ,Facebook , Intsta වල තිබෙන ගැටලු සජීව වෙත පැමිනියේ සජීවගේ inbox එකට නිදහසක් නොවන ලෙසකටයි.

ඉතා නිහතමානී චරිතයක් වන ඔහුගේ ගිතද රසික රසිකාවියන්ගේ සිත් තුල තාම මුමුනන්නට වනුයේ ඔහුගේ ගීත ත්‍රිත්වයම මිනිසුන්ගේ හදවතට කාවැදි ඇති නිසාත් ,වෙනත් ගීත මේන් දවසින් දෙකෙන් අමතක නොවන නිසාවෙනි. එයට හේතුව වනුයේ මිනිසුන්ගේ හදවතට කා වදින පද වැල් නිසාත් , එයටම ගැලපෙන ලෙස නිර්මාණයක් වූ තනුව නිසාත් ඒ යුගලටම ගැලපෙන සජීවගේ හඩ සහා ගායන හැකියාව නිසායි.

ඉතින් කොහෙන් කෝමහරි අද අපි කියන්න් යන්නේ සජීව ලගදිම ලීක් කරගන්න යන විඩියෝවක් ගැනයි. සජීවගේ ගායනයට ආදරය කරන ඔහුගේ රසික රසිකාවින්ට ඉතා සුබ ආරංචියක් ගෙන් එමින් ඔහු ඔහුගේ මීලග මියුසික් විඩියෝව නිකුත් කිරිමට නියමිතයි . මේ දිනවල නිශ්පාදන කටයුතු කෙරෙමින් පවතින් එම් ගීතය නෙදුරේ දිනම අපට අසන්නට ,බලන්නට ලැබේවී.




Friday, February 21, 2020

කලා ලොවේ ප්‍රවීනයන් සමග ගීත රටා මවන ප්‍රවීන සංගීතවේදියා - Manjula Bandara



ඔබ අප කවුරුත් දන්න සූර්යා දයාරුවන් ගායනා කරන 'මගේනේ ' ගීතය ඇතුලු තවත් ගීත රාශියක නිර්මාණය
සදහා දායක වූ ඔහූ නමින් මංජුල බන්ඩාරවේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ තම ශබ්දාගාරය පවත්වාගෙන යන ඔහු හමුවට කලා ලොවේ ප්‍රසිද්ධ චරිත , ප්‍රවීනයන් සහා ප්‍රසිද්ධ මධ්‍ය පැමිණෙන්නේ ඔහුගේ වැඩවල ඇති ගුනාත්මක බව ඉහල තත්වයක පැවතීමත් සමගයි ඒ වගේම ගායික ගායිකාවන් සහා මධ්‍ය ඔහු හමුවට පැමිනෙන්නේ සියලු දේ සපිරි ලංකාවතුල ඉහල පෙලේ ශබ්දාගරයක් ඇති නිසාත් මංජුල ගේ ඇති දක්ශතාවය නිසාත් බව කිවයුතු වේ.

තවද මෑතකදී නිර්මාණය උන '2020 කැරැල්ල ' ගීතයට ද ඔහුගේ දායකත්වය ලැබී තිබෙනවා. දෙරණ නාලිකාවේ Dream Star තරගයේ අවසාන වට කිහිපයට පැමිනි රවි රෝස්ර් ඇතුලු අනිකුත් කලාකරුවන් සමග එළි දැක්වූ එම ගීතයටද සමාජ මධ්‍යයේ ඉහල තැනක් ලැබි තිබෙනවා.

එම ගීතය පහතින්







මුතුරාජවෙල කඩොලාන ගිනි තබයි - හුස්මක වටිනාකම නොතේරෙන මිනිස්සු




මේ ඕස්ට්රේලියාවේවත්,ඇමසන් වල ඇතිවුන ලැව්ගින්නක් නෙවෙයි, මේ මුතුරාජවෙල අධි සංවේදි කඩොලාන පරිසර පද්ධතියේ මීගමුවට මායිම් පෙදෙස කුණු බැහැර කරමින් එයට ගිනි තබා විනාශ කරන අයුරැ
ලංකාවේ ඔක්කොම කැටයම් දෙයක් වෙනකන් විතරයි 😏දවසක් ඒවී ලංකාවටත් මාස්ක් එක ගන්න වගේ ඔක්සිජන් එකක් ගන්න පෝලිමක ඉන්න වෙන එදාට තමයි තේරෙන්න ගන්නේ නිකන් පරිසරයෙන් දෙන හුස්ම ටිකේ වටිනාකම,

🙁📷dinusha nanayakkara









Thursday, February 20, 2020

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්




දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල
පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් වහාම ළඟම පිහිටි රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. තුවාල
ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් නිශ්චිතව කිව නොහැකි බවයි වාර්තාකරු සඳහන් කළේ.
දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක්
රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට
ලක්ව තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට
මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.





රටම කතා කළ අතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි

කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් කොස්තාපල්වරයාගේ මල සිරුර පන්නල වේරහැර ප්‍රදේශයෙන් සොයාගෙන තිඛේ.
මෙම ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් කණ්ඩායම් 03 ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව අදාල පොලිස් කණ්ඩායම් කංකානිමුල්ල කැලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. පසුගිය 16 වනදායි මෙම පොලිස් නිලධාරියා අතුරුදන්වී ඇති බවට වාර්තා වුණේ.

බුර්කාව තහනම් කිරීමේ සූදානමක්



සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර සිටී.
පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන් වේ.මෙම වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද්දේ එම  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසිනි.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවයම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින්  නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3)ආගමික හෝ වාර්ගික නොවන  දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිර්පත් කොට තිබේ.
වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට  අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සදහන් වේ.මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ  අධ්‍යාපනය සදහා පමණක්  බව යෝජනා කර ඇත. එසේම මද්‍රසා ආයතන  නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.
තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ
මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම,වකුෆ් පනත් සංශෝධනය කිරීම , අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම , සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට  අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.

මියුසික් විඩියෝ මවන අධ්‍යයක්ශකවරයා - Sandesh Bandara



ලංකාවේ මියුසික් විඩිවක් කිව්වම දැන් අපිට කෙලින්ම මතක් වෙන්නේ එක් පුද්ගලයෙක් පමණයි. YouTube මධ්‍ය තුල සහා මිසික් විඩියෝ කලාව තුල ඔහු මහත් මෙහෙවරක් කර අවසන්. ඒ ඔහු සංදේශ් බන්ඩාරයි. තරුණ කලා කරුවෙක් වන ඔහු මේ වන විට මියුසික් විඩියෝ වලට සහා චිත්‍ර පට කිහිපයකටම දායකත්වය දක්වා තිබේනවා.



ලංකාවේ Bollywood තරුව - චතුරංග


Bollywood රංගන ශිල්පියෙක්ට සමාන තරුන රංගන ශිල්පියෙක් වන චතුරංග ලක්ශාන් කොඩිතුවක්කු ගැනයි මේ.

නිරූපණය සමග කලා ලෝකෙට අඩිය තියන ඔහු , අපිට පුංචි තිටයෙන් මුලින්ම දක්නට් ලැබෙන්නේ වෙලද දැන්වීම් ප්‍රචාරන තුලිනුයි. ඉන්පසුව දෙරණ නාලිකාවේ විකාශන උන 'තාත්වික ' වැඩසටහන සමගින් දක්නට ලැබෙනවා. ඉන්පසුව ඔහුගේ ජිවිතේ හිනයක් උන සහා ඔහුගේ හැරවුම් ලක්ශයක් වුන මේ දින වල ඉතා ජනප්‍රියව විකාශනය වන ස්වාර්ණවාහිනියේ 'හදවතේ කතාව ' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයේන් දායක වනවා.

තරුනියන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් වන චතු හෙවත් චතුරංග රංගනයට පමණක් නොව චායාරුප කරණයට ඉතා දක්ශ චායාරුප ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා.

ප්‍රවීන රංගන ශිල්පියෙක් වීමට සිහින දකින ඔහු සිනමාවට එළබීමටත් බලාපොරොත්තුවෙන් සිටිනව බවයි අපට දැනගන්නට හැකි වුනේ.


ඉතින් ඔහුගේ සිහින ඒ පරිද්දේන්ම් සාර්ථකත්වය පත්වේවායි Youth Plus New අපි එක සිතින් පාර්තනා කරන්නෙමු. 






ඇමති සනත් නිශාන්ත දිවිනසාගැනීමේ සූදානමක



ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන ලෙස විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.



එම චෝදනා කිසිවකු විසින් ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියේ දිවිනසා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ විදෙස් ධීවර යාත්‍රාවන් මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ මාළු වලට නිසි මිලක් නොලැබීම ගැන ධීවර ජනතාව සමඟ පැවති සාකච්ඡාවකදීය.

විදේශීය ධීවර යාත්‍රා මෙරටට ගෙන්වීමට තමන් සම්බන්ධ යයි කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියට පැමිණ වස කුප්පියක් ප්‍රසිද්ධියේ බී දිවි නසාගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.

සායින්දමරුදු නගර සභාවක් කිරීම රජය අත්හිටුවයි


සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබේ.

සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීම සඳහා යෝජනාවක් 2018 වර්ෂයේ දී ෆයිසර් මුස්තාෆා එවකට අමාත්‍යවරයා විසින් ගෙන ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ එක් ස්ථානයකට පමණක් අනෙක් සෙසු පළාත්වලත් මෙවැනි අවශ්‍යතා ඇති බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම යෝජනාව අත්හිටුවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)

අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්ව...