Thursday, February 20, 2020

ලෝකයේ පළමු මුහුණු බද්ධය



කේටී ස්ටබලිෆීල්ඩිට ඇගේ මුහුණ අහිමි වන විට වයස අවුරුදු 18 කි. එම මුහුණ දැන් පවතින්නේ ඡායාරූපවල පමණි. එකල රියැලිටි ටීවී සහ ඉන්ස්ටග්‍රෑම් හි දැක්වෙන්නේ පුළුල් සිනහවක් හා , තරුණ හා ලස්සන ගැහැණු ළමයෙකි. සෙවන්ටීන් සඟරාවේ කවරයද ඇය සැරසුවෙි එසේමය. එවිට කේටි නොබිඳිය හැකි කුඩා දැරියකි .ඇය , ඉතා නිර්භීත හා විනෝදකාමී වූවාය.ඇයට අවශ්‍ය වූයේ ශාස්ත්‍රීය වශයෙන් හොඳම තැනැත්තා වීමටයි. ඇය හැම වෙලාවෙම පැය ගණන් ඉගෙන ගත්තාය.. කේටි කනිෂ්ඨයෙකු ලෙස උසස් විද්‍යාලයට ඇතුළත් වූ අතර පංතියේ මිතුරෙකු සමඟ ආදරයෙන් බැඳී සිටියාය.
2014 මාර්තු 25 වන දින කේටී සිය පෙම්වතාගේ දුරකථනය තුලින් වෙනත් ගැහැණු ළමයෙකුට ඡායාරූ කිහිපයක් සොයා ගත් අතර ඇය කෝපයෙන්ද වෙිදනාවෙන්ද වියරු වැටිණි.. ඇය දුවමින් ගෙදර ආ අතර නාන කාමරයට වැදී අයියාගේ 308-කැලිබර් දඩයම් රයිෆලයඇගේ නිකටට පහළින් තබා ප්‍රේරකය ඇද්දාය . එපමණිවෙඩි ශබිදය ඇසුණු රොබට් අගුලු දමා තිබූ දොරට පයින් ගැසූ විට, ඔහුගේ කුඩා සහෝදරිය ලේ වලින් වැසී ඇති බව ඔහුට පෙනී ගියේය. “ඇයට මුහුණක් තිබුණේ නැත.ඒ Katie Stubblefield ගෙ 2014 මාර්තු 24 වෙනකන් කතාවයි
රයිෆල් උන්ඩය මොළයට කිසිදු හානියක් නොකර ඇගේ මුහුණ හරහා ගිය බැවින් කෙටීට ඡීවත්වීමට වාසනාව ලැබුණද ඇගේ මුහුණ වෛද්‍යවරු අනේක ශළ්‍ය කර්මවලින් ගොඩ ගෙන තිබුනේ විකෘතියක් ලෙසටය ඇගේ දෑස් වැසී ගොසිනි. ඇය සිය මුහුණ කුමක්දැයි නොදනී එය ස්පර්ශ කරනවිට ඇයට දැනෙන්නේ මස් ගොඩක් පිලිබද හැගීමක් පමනකි. එහෙයින් කෙටීගේ දෙමවුපියන් ඇයට වෙනත් මුහුණක් බද්ධ කිරීමෙි ඉඩක් පිලිබද වසර 03 ක් පුරා වෙහෙස විය අවසානයේ එය 2018 දී උදාවිය.
පැය 16 කට පෙර ඇමෙරිකා එක්සත් ඡනපදයේ ක්ලීව්ලන්ඩ් සායනයේ ශල්‍යාගාරයෙහි ශල්‍ය වෛද්‍යවරු 19 දෙනෙකු විසින් 31 හැවිරිදි කාන්තාවකගේ මුහුණ ඉවත් කිරීමේ සියුම් වැඩ කටයුතු නිමාකලේ කළේ දින තුනකට පෙර නීතිමය හා වෛද්‍යමය වශයෙන් එකී කාන්තාව මියගිය බව ප්‍රකාශ කලාට පසුවය. නව මුහුණක් සඳහා වසර තුනකට වැඩි කාලයක් බලා සිටි 21 හැවිරිදි කාන්තාවකට ඔවුන් ළඟදීම එය රැගෙන යනු ඇත.
ඔවුහු පැමිනියේ වසර 3 ක් පුරාවට මියගිය වෙනත් තරුණියකගේ මුහුණක් බද්ධ කරීමට බලාසිටි කැතී සිටබල්ෆිල්ඩි වෙතටය. මුහුනු බද්ධ කිරීමෙි උත්සාහය මෙහෙයවනු ලැබුවේ පෝලන්තයේ උපත හා පුහුණුව ලැබූ අති දක්ෂ වෛද්‍යවරියක් වන මාරියා සිමියොනොව් විසිනි. 1995 දී සායනයට පැමිණි සියෙමියෝව් 2004 දී මානව විෂයයන් හා මුහුනු සැත්කම් කිරීමට නිල ආයතනික අනුමැතිය දිනාගත් ලොව ප්‍රථමයා විය.ශල්යකර්ම ආරම්භ වී පැය 31 කට පසුව, ශල්ය වෛද්යවරු කේටිගේ සමේ ඉහළ තට්ටුව කපා, මුළු මුහුණම සවි කළහ. හෙදියන්, , කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරු අත්පොළසන් දුන්හ දැන් කේටීගේ මුහුණෙහි විස්මයන් නැති වී තිබුණි.
එය සන්සුන් පෙනුමකින් යුතු විය. ඔවුහු සාර්ථකව බද්ධය නිමා කළහ. එය ඇමෙරිකානු වෛද්‍ය ඉතිහාසයේ ලාබලතම යුවතියකට මුහුණක් බද්ධ කල ප්‍රථම හා සාර්ථක මුුහුණු බද්ධයයි. සැත්කම සාර්ථක බව පවුලේ අයට පැවසීමට ගැස්ට්මන් ගියේය. ඔහු ඔවුන්ට කිව්වා ” යන්න හිමින් දියණියව සිපගන්න, “‘වයස 18 දී ඇයට සිය මුහුණ අහිමි විය. වයස අවුරුදු 21 දී වෛද්‍යවරු කේටීට නව මුහුණුවරක් ලබා දුන්හ. මෙය කම්පනය, අනන්‍යතාවය, ඔරොත්තු දීමේ හැකියාව, භක්තිය සහ විස්මිත වෛද්‍ය ප්‍රාතිහාර්යයන් පිළිබඳ කතාවකි.

No comments:

Post a Comment

රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)

අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්ව...